භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම

Post Reply
kamal
Posts: 24
Joined: Thu Dec 04, 2025 2:45 pm

භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම

Post by kamal »

මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි.

මම බලාපොරොත්තු වෙනවා මහ බැංකුවෙන් ඉල්ලන්න භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් පවත්වාගෙන යනු ලැබීම, ණයවර පත් (credit card) පවත්වාගෙන යනු ලැබීම, ණය ගැනීම ආදී මූල්‍ය කටයුතු කරනු ලැබීම වැළැක්වීමට කටයුතු කරන ලෙස.

ඒ පිළිබඳ සෑහීමට පත්විය හැකි ප්‍රතිචාරයක් මහ බැංකුවෙන් නොලැබේ නම් අධිකරණයේ පිහිට පැතීමට ද මම බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳ ඔබට ඇති අදහස් පහත සදහන් කරන්න.

මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපිය ශික්ෂාපදය
මුදල් භාවිතය කැප නැති බවට අදාළ ශික්ෂා පදය: රූපියසංවොහාර ශික්ෂාපදය
Post Reply