උපුටා ගැනීම:
- https://thripitaka.org/view/bjts/sp4/42017. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’