ආර්යය සත්‍යය නිසා පරමාර්ථ සත්‍යය වෙනස් වේ ද?

Post Reply
kamal
Posts: 41
Joined: Thu Dec 04, 2025 2:45 pm

ආර්යය සත්‍යය නිසා පරමාර්ථ සත්‍යය වෙනස් වේ ද?

Post by kamal »

සම්මුති සත්‍යය, පරමාර්ථ සත්‍යය සහ ආර්යය සත්‍යය ලෙස සත්‍යය වර්ග තුනක් ඇති බවත් ආර්යය සත්‍යයෙන් පරමාර්ථ සත්‍යය වෙනස් විය හැකි බවත් වටගොඩ මග්ගවිහාරි හිමිගේ පහත සැබැඳියෙන් යොමුවන වීඩියෝවේ කියැවෙනවා:

"සත්‍ය ගැන හැදින්වීමක් | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"

එහිමියන් පවසන ඒ සමහරක් කරුණු මට අපැහැදිලියි. මට ඇති ගැටලු මෙසේයි: සත්‍යය වර්ග දැක්වීමේදී සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය ලෙස වර්ග දෙකකට වෙන්කොට දැක්වීමෙන් එහා ගොස් ආර්යය සත්‍යය යනු වෙනමම සත්‍යය වර්ගයක් ලෙස දැක්වීම කෙතරම් යෝග්‍යද? ආර්යය සත්‍යය යනු පරමාර්ථ සත්‍යයේම කොටසක් නොවේද? පරමාර්ථ සත්‍යයේ වෙනසක් දැකිය හැකි නම් ඒ සත්‍යයට පරමාර්ථ සත්‍යය යැයි කීම යෝග්‍ය වන්නේ නෑ නේද?
Post Reply