මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?

Post Reply
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?

Post by kamal »

යම් පුද්ගලයෙකු මිය ගිය පසු කෙතරම් දින ගණනකට පසුව බණ කිව යුතු ද, කෙතරම් දින ගණනකට පසු දානය දිය යුතු ද?

මේ පිළිබඳ විවිධ දේශකයින් වහන්සේලා විවිධ අදහස් දක්වන බව පෙනෙන්න තිබෙනවා. මම නම් මේ ආකාරයේ දින නියම කිරීමක් ධර්මයේ ඇති බව දැක නැහැ.

කැළණියේ ශාසනවංශ හිමි පවසන්නේ පුද්ගලයෙකු මිය යෑමෙන් අටවන දවසේ බණ කියා නවවන දවසේ දානය දීම වඩාත් උචිත බවයි. "හත් දවසක් ඉක්ම ගිය තැන" ලෙස ධර්මයේ සඳහන් වන බව එහිමියන් පවසනවා. මම කැමතියි දැනගන්න ධර්මයේ කවර ස්ථානයක එසේ සඳහන් වෙනවා ද කියා.

https://www.trekmentor.org/si/watch/yt/WSe1XuPOLd8
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

Re: මරණයකට පසු දානය දිය යුත්තේ කෙතරම් දින ගණනකට පසුව ද?

Post by kamal »

මෙහිදී දින කාල වකවානු නියම කර ගැනීම පිළිබඳව කිසිම ධර්මමය පදනම් නැති බවයි බලංගොඩ රාධ හිමි පවසන්නේ.

(කාලය: 01:32:00 පමණ සිට ඉදිරියට)
https://www.trekmentor.org/watch/yt/oiJJeG1asRU
Post Reply