භික්ෂූ ප්‍රතිරූපකයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය භාවිතා කිරීම

Post Reply
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

භික්ෂූ ප්‍රතිරූපකයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය භාවිතා කිරීම

Post by kamal »

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 42 වගන්තිය මෙසේ සඳහන් වෙනවා:
බොරුවට භික්ෂුවක් මෙන් පෙනී සිටීමේ වරද

42. උපසම්පන්න භික්ෂූන්ගේ ලේඛනයෙහි තම නම නැති යම් කෙනක් උපසම්පන්න භික්ෂූවක් වශයෙන් පෙනී සිටී නම් හෝ සාමණේර භික්ෂූන්ගේ ලේඛනයෙහි තම නම නැති යම් කෙනෙක් සාමණේර භික්ෂූවක් වශයෙන් පෙනී සිටී නම් හෝ එබඳු අය නීති විරෝධී ක්‍රියාවක් කිරීම ගැන වැරදිකාරයෙක් වේ. තවද පොලිස් නඩුකාර කෙනකුගේ විභාගයකදී වැරදිකාරයා යයි විනිශ්චය කරනු ලැබූ විට රුපියල් පනහකට වැඩි නොවන දඩයකට යටත් වේ.

Offence of passing off as a bhikkhu.

42. If any person whose name does not appear in the register of upasampada bhikkhus holds himself out to be an upasampada bhikkhu or if any person whose name does not occur in the register of samaneras holds himself out to be a samanera such person shall be guilty of an offence and be liable on summary conviction to a fine not exceeding fifty rupees.
මේ වගන්තිය භාවිතා කොට භික්ෂූන් මෙන් පෙනී සිටින රැවටිලිකාරයින්ට විරුද්ධව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට හැකි බවයි මට පෙනෙන්නේ. මෙහි දැක්වෙන දඩය නම් ප්‍රමාණවත් නෑ.

ඒත් මේ වගන්තිය ප්‍රකාරව දඩුවම් කෙරෙන බවක් පෙනෙන්න නෑ. එසේ නොවන්න හේතු මොනවා ද?
Post Reply