බෞද්ධයා නිර්මාශ විය යුතු ද?

Post Reply
kamal
Posts: 36
Joined: Thu Dec 04, 2025 2:45 pm

බෞද්ධයා නිර්මාශ විය යුතු ද?

Post by kamal »

බොද්ධයා නිර්මාශ විය යුතු ද යන්න පිළිබඳ වටගොඩ මග්ගවිහාරි හිමි කරන පැහැදිලි කිරීමක් පහත සබැදයෙන් යොමුවන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:

"බෞද්ධයා නිර්මාංශ විය යුතුද | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ"

මට වැටහුණ පමණින් එහිදී එහිමියන් පවසනුයේ යහපත් චේතනාවක් ප්‍රධානව පවත්නා ක්‍රියාවකදී වක්‍රව සිදුවන ප්‍රාණගාතවලින් පව් සිදු නොවන බවයි.

වක්‍රව සිදුවන ප්‍රාණගාතවලින් පව් සිදු වේ නම් බත් කෑමත් පවක්. ඒ වී වගාවේ සිට බත් සැකසීම දක්වා පණුවන් සහ කෘමීන් මිය යන නිසා.

වක්‍රව සිදුවන ප්‍රාණගාතවලින් පව් සිදු වේ නම් ඇවිදීමත් පවක්. ඒ ඇවිදින විට කූඹින් ආදී සතුන් මිය යන නිසා.

මෙවැනිම තවත් ගැටලුවක් නම් පණු බෙහෙත් බීම පවක් ද යන්නයි.

මම අසා ඇති එක් මතයක් නම් සමහර ක්‍රියා පව් වුවත් අකුසල කර්ම පථ සම්පූර්ණ නොවන බවයි. උදාහරණයකට වගාවක් සඳහා හේනක් ගිණි තැබීමේදී සතුන් මිය යෑම පවක් වුවත් වක්‍රව සිදුවන බැවින් ප්‍රාණගාත අකුසල කර්ම පථය සම්පූර්ණ නොවේ යැයි යමෙක් මතයක් ගේන්න පුළුවන්. පණු බෙහෙත් බීම ගැනත් එවැනිම මතයක් ගොඩනගන්න පුළුවන්. ඒ මතය කෙතරම් ධර්මානුකූල ද? ධර්ම ග්‍රන්ථවල ඇති සඳහන් කිරීම් ද උපුටා දක්වමින් පැහැදිලි කීරිමක් කළ හැකි නම් ඉතාම අගෙයි.
Post Reply