Page 1 of 1

භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?

Posted: Tue May 26, 2026 8:41 pm
by kamal
භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම ගිහියන්ට සුදුසු ක්‍රියාවක් ද, භික්ෂූන් වහන්සේලාට සුදුසු ක්‍රියාවක් ද, අතීතයේ එවැනි ක්‍රියාවන් සිදුව ඇත්තේ කෙසේද යන්න ගැන වටගොඩ මග්ගවිහාරි හිමියන් දක්වන විස්තර පහත සබැඳියට අදාළ වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා:

"සිවුරු හරවා යැවීම වැරදිද ? | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ"

Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?

Posted: Wed Jun 24, 2026 3:02 pm
by kamal
උත්තරීතර සංඝ සභාවක් පිහිටුවීම පිළිබඳ වටගොඩ මග්ගවිහාරි හිමිගේ අදහස් දැක්වීම් ඇතුලත් පහත සබැඳියෙන් යොමුවන වීඩියෝවේත් භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැරලීම පිළිබඳ එහිමියන් දක්වන අදහස් තිබෙනවා:

ශාසනයේ ප්‍රශ්න විසදන්න උත්තරීතර සභාව පිහිටුවිය යුතුමයි

වටගොඩ මග්ගවිහාරි හිමි පවසන්නේ භික්ෂූවකගේ සිවුරු හැරලීම එක්කෝ පාරාජිකා වීම නිසා කරන්න පුළුවන්, එහෙම නැත්නම් අදාළ භික්ෂූවම සිවුරු හරින බව තමන්ම පවසා සිවුරු හැරලීම සිදුකළ යුතු බවයි.

Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?

Posted: Wed Jun 24, 2026 3:34 pm
by kamal
ගලගම කුසලධම්ම හිමිගේ මේ මාතෘකාවට අදාළ කරුණු දැක්වීම් පහත සබැඳිවලින් යොමුවන වීඩියෝවල තිබෙනවා. එහිමියන් අදහස් දක්වන්නේ භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීමට පක්ෂවයි.

https://www.trekmentor.org/watch/yt/2mcjnaXFmVw
https://www.trekmentor.org/watch/yt/ABR-UkY1f7k

Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?

Posted: Wed Jun 24, 2026 3:37 pm
by kamal
යම් භික්ෂූවක් නෙරන ලෙස බුදුරජානන් වහන්සේ විසින් අන් භික්ෂූන් වහන්සේලාට පැවසීම පිළිබඳ සඳහනක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ මෙත්‌තා වග්ගයේ කාරණ්‌ඩව සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. මේ සූත්‍රයේ අන්තර්ගතය වටගොඩ මග්ගවිහාරි හිමි දක්වන අදහස්වලට එකඟ නැති බවයි බැලූ බැල්මට පෙනෙන්නේ. එය එසේ ද, නැත්නම් සූත්‍රයේ අන්තර්ගතය වෙනත් අර්ථයකින් ගත යුතු ද යන්න විමසා බැලීම වටිනවා.

https://thripitaka.org/view/bjts/sp16/56

Re: භික්ෂූන් වහන්සේලාව සිවුරු හැර ශාසනයෙන් බැහැර කිරීම වැරදි ද?

Posted: Wed Jul 15, 2026 8:35 am
by kamal
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ මහාවග්ගයේ එන පහාරාද සූත්‍රයේත් (89 පිටුව) පුද්ගලයින්ව ශාසනයෙන් බැහැර කිරීමක් පිළිබඳ සඳහන් වෙනවා.

ඒ සඳහන් වන්නේ පාරාජිකා ඇවතට පත් වූ පුද්ගලයින් පිළිබඳව විය හැකි බවයි මගේ අදහස.