Page 1 of 1
භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
Posted: Thu Dec 11, 2025 9:18 pm
by kamal
මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි.
මම බලාපොරොත්තු වෙනවා මහ බැංකුවෙන් ඉල්ලන්න භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් පවත්වාගෙන යනු ලැබීම, ණයවර පත් (credit card) පවත්වාගෙන යනු ලැබීම, ණය ගැනීම ආදී මූල්‍ය කටයුතු කරනු ලැබීම වැළැක්වීමට කටයුතු කරන ලෙස.
ඒ පිළිබඳ සෑහීමට පත්විය හැකි ප්‍රතිචාරයක් මහ බැංකුවෙන් නොලැබේ නම් අධිකරණයේ පිහිට පැතීමට ද මම බලාපොරොත්තු වෙනවා.
මේ පිළිබඳ ඔබට ඇති අදහස් පහත සදහන් කරන්න.
මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශික්ෂා පදය:
රූපිය ශික්ෂාපදය
මුදල් භාවිතය කැප නැති බවට අදාළ ශික්ෂා පදය:
රූපියසංවොහාර ශික්ෂාපදය
Re: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
Posted: Sun Dec 14, 2025 9:40 pm
by kamal
දැනට පවතින නීති යටතේ මේ දේ ප්‍රායෝගිකව කළ හැකි ද යන්න පිළිබඳ මට සැකයක් මතුව තිබෙනවා.
මහ බැංකුවට බලය තිබෙනවා බැංකුවලට විධානයන් කරන්න. ඒත් ඒ විධාන නිකුත් කළ හැකි සීමාවන් තුළ මේ මාතෘකාවට අදාළ විධාන නිකුත් කළ හැකි ද යන්න සැක සහිතයි. ඒ පිළිබඳ තව දුරටත් සොයා බලන්න වෙනවා.
අදාළ පනත් (මහ බැංකු පනත, බැංකු පනත ආදිය) පිළිබඳ අවබෝධයක් ඇති අය මේ පිළිබඳ අදහස් දක්වනවා නම් ප්‍රයෝජනවත්.
Re: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
Posted: Tue Dec 23, 2025 11:34 am
by kamal
ශ්‍රී ලංකා මහ බැංකුවේ දිශා උපායමාර්ග (directional strategies) ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.
දැක්ම (vision):
ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞභාග්‍යය උදෙසා දායක වන විශ්වසනීය සහ ගතික මහ බැංකුවක්
සෞභාග්‍යය යන්නට භෞතික දියුණව වගේම ආධ්‍යාත්මික දියුණුවත් අදාළ වෙනවා. ඒ නිසා මේ දැක්වූ දැක්මට අනුව මහ බැංකුව බුදු දහමේ ආරක්ෂාවට කටයුතු කරයි නම් එම ක්‍රියාව මහ බැංකුවේ දැක්මට අනුරූප ක්‍රියාවක් කියලා කියන්න පුළුවන්.
මෙහෙවර (mission):
සර්වජන අන්තර්ගතභාවය සහ තිරසාර වර්ධනයට සහය වීම උදෙසා දේශීය මිල ස්ථායිතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීම
මේ දැක්වූ මෙහෙවරට අනුව මහ බැංකුව බුදු දහමේ ආරක්ෂාවට කටයුතු කරයි නම් එම ක්‍රියාව මහ බැංකුවේ මෙහෙවරට සෘජුව අනුරූප නැති බවයි මට හිතෙන්නේ. වක්‍රව අනුරූප වන බවට තර්ක කරන්න බැරි කමක් නෑ.
සාරාර්ථ (values):
- සුපිළිපන්බව (Integrity): සදාචාර පැවැත්ම, විශ්වසනීයත්වය, අඛණ්ඩතාව, නායකත්වය, වෘත්තීයභාවය, තාක්ෂණික විශිෂ්ටත්වය, ස්වාධීන දැක්ම
- වගවීම සහ විනිවිදභාවය (Accountability and Transparency): වගකීම, හිමිකාරිත්වය, කැපවීම, විනිවිදභාවය, මනා පාලනය
- අන්තර්ගතභාවය (Inclusiveness): ප්‍රගමනශීලිත්වය, සමායෝජනය, සාමූහිකත්වය
මේ දැක්වූ සාරාර්ථවලට අනුව සදාචාර පැවැත්ම (Ethical conduct) මහ බැංකුවේ ක්‍රියාවන්හි පෙනෙන්න තිබෙන්න ඕනෑ. එසේ නම් සමාජයේ සාරධර්මවලට හානි වන ආකාරයට කටයුතු කිරීම ඔවුන් නොකළ යුතුයි. සාරධර්ම රැකෙන ආකාරයට ඔවුන් කටයුතු කළ යුතුයි. නායකත්වය ගැනත් සඳහන් වෙන නිසා සාමාජයට ආදර්ශමත් ලෙස කටයුතු කිරීමත් වැදගත්.
Re: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
Posted: Wed Dec 24, 2025 7:20 am
by kamal
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මෙසේයි:
9. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.
මහ බැංකුව කියන්නේ රාජ්‍යයේ කොටසක්. ඒ නිසා බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ බැංකුවේත් වගකීමක් වෙනවා.
තවද ශ්‍රී ලංකාවාසී සැමගේ යුතුකම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාවේ සඳහන් කරුණුවලට සැමගේ අවධානය යොමු කිරීම වටිනවා.
28. අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, ඟුක්ති විඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින්-
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය කිරීම ද,
(ආ) ජාතික අභිවෘද්ධිය වර්ධනය කිරීම හා ජාතික සමගිය පෝෂණය කිරීම ද,
...
ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේ ය.