Page 1 of 1

බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම

Posted: Sat Dec 06, 2025 8:30 pm
by kamal
බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතිය හැකි ද? පිහිට පතනවා නම් කවර කාරණා අරභයා පිහිට පැතීම සුදුසු ද? මේ පිළිබඳ අන් අයට ඇති අදහස් දැනගැනීමට කැමතියි.

Re: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම

Posted: Tue Dec 09, 2025 7:52 am
by kamal
දණ්ඩ නීති සංග්‍රහයේ ආගම පිළිබඳ වූ වැරදි කිහිපයක් සඳහන්ව තිබෙනවා. ඒ අනුව අදාළ වැරදි සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාව පවතිනවා.

පහත දැක්වෙනුයේ එම වැරදි දැක්වෙන XV පරිච්ඡේදයේ උපුටා ගැනීමක් දැක්වෙන වෙබ් පිටුවක් වෙත සබැඳිය:

"දණ්ඩ නීති සංග්‍රහයේ ආගම පිළිබඳ වූ වැරදි"

Re: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම

Posted: Thu Dec 11, 2025 9:24 pm
by kamal
භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් පවත්වාගෙන යෑම ආදිය පිළිබඳව අවශ්‍ය වුවහොත් අධිකරණයේ පිහිට පැතීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා සහ ඔබේ අදහස් දැක්වීම සඳහා පහත දැක්වෙන සබැඳියෙන් යොමු වන්න.

"භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම"

Re: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම

Posted: Fri Dec 12, 2025 1:11 pm
by kamal
විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය යටතේ බොරුවට භික්ෂූන් ලෙස පෙනී සිටින්නන්ට විරුද්ධව නඩු පැවරිය හැකි බව පෙනෙන්න තිබෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර සහ ඔබගේ ප්‍රතිචාර දැක්වීමට පහත දැක්වෙන සබැඳියෙන් යොමු වන්න.

"භික්ෂූ ප්‍රතිරූපකයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය භාවිතා කිරීම"