Page 1 of 1

උත්තරීතර සංඝ සභාවක් ඇතිකරලීම

Posted: Wed Jun 24, 2026 2:21 pm
by kamal
බුද්ධ ශාසනයේ වර්තමානයේ ඉස්මතුව ඇති යම් යම් ගැටලුකාරී තත්වයන්ට විසදුමක් ලෙස අඩු තරමින් සාමාජිකයින් පන්සියයකින්වත් යුත් උත්තරීතර සංඝ සභාවක් පිහිටුවීම ගැන වටගොඩ මග්ගවිහාරි හිමියන්ගේ අදහස් දැක්වීමක් පහත සබැඳියෙන් යොමුවන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.

ශාසනයේ ප්‍රශ්න විසදන්න උත්තරීතර සභාව පිහිටුවිය යුතුමයි

එම වීඩියෝවේ අදාළ අදහස් දැක්වීම් මුල සිටම පැවතියත් විශේෂයෙන් ඒ පිළිබඳ සඳහන් කිරීම කාලය 54:45 පමණ ඉදිරියට දකින්න පුළුවන්.

වටගොඩ මග්ගවිහාරි හිමිගේ ඒ අදහස බැලූ බැල්මට මට නම් පෙනෙන්නේ ඉතාම වටිනා අදහසක් බවයි. ඒ පිළිබඳ උනන්දු වීම වටිනවා.

ලංකාවට සීමා නොවී මේ වාගේ ක්‍රමවේදයක් මුලු ලෝකය තුළම ව්‍යාප්තව පවත්නා ආකාරයට සකස් කළ හැකි නම් එයත් වටිනවා.