Page 1 of 1

බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?

Posted: Sun Dec 07, 2025 9:33 am
by kamal
අද දින මම කෝරලයාගම සරණතිස්ස හිමිගේ දහම් දේශනාවක් ශ්‍රවණය කිරීමේදී මෙවන් කරුණක් ගැන අසන්න ලැබුණා. ඒ තමයි ධර්ම දේශනා කරන විට අපිට වැරදෙන බවත්, ඒ නිසා අපි ධර්ම දේශනා කරන්න නුසුදුසු බවත්, එසේ වුවත් මේ තරමින් වත් දහම් දේශනා කරන්න අය නොමැති නිසා දහම් දේශනා කරන බවත්, වැරදුන විට ප්‍රසිද්ධියේම නිවැරදි කිරීම බොහෝ දෙනාට යහපතක් බවත්.

සැම විටම නිවැරදිවම දහම් දෙසන්න වර්තමානයේ සමත් කවරෙක්ද යන්න මටත් ගැටලුවක්. ඒ නිසා මමත් හිතෙනවා කෝරලයාගම සරණතිස්ස හිමි පවසන ආකාරය සුදුසුයි කියලා. ඒත් ප්‍රායෝගිකව මතුව ඇති ගැටලුවක් නම් වැරදෙන බොහෝ දෙනෙක් වැරද්ද පෙන්වා දුන් පසුවත් නිවැරදි නොකරන එක. සමහර වෙලාවට වැරැද්ද නිවැරදියි කියලා පෙන්වන්න සමහරු උත්සාහ ගන්නවා.

පහත දැක්වෙන්නේ අදාළ දේශනාවට සබැඳිය. දේශනාවේ ආරම්භක කොටසේම අදාළ කාරණය ගැන සඳහන් වෙනවා.

https://www.trekmentor.org/si/watch/yt/MPCWnFoQstU

දහම් දේශනා කරන්න දේශකයින් වහන්සේලාගේ පැවතිය යුතු සුදුසුකම් මොනවා ද? ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට කැමතියි.

Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?

Posted: Tue Dec 23, 2025 10:22 am
by kamal
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පඨමපණ්ණාසකයේ චූලවග්ගයේ තුන්වන සූත්‍රයේ සඳහන් වෙනවා කරුණු තුනක් දක්නා අය ධර්ම දේශනාවට සුදුසු බව. කෙටි සූත්‍රයක් නිසා සම්පූර්ණ සූත්‍රයේම සිංහල පරිවර්තනය මෙසේයි:
43. මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් වෙයි. පෙළදහම් දන්නෙත් වෙයි. යමෙක් ධර්‍මය අසා නම්, හෙ අටුවා දන්නේත් පෙළදහම් දන්නෙත් වෙයි. යමෙකුත් දහම් දෙසා නම්, යමෙකුත් දහම් අසා නම්, එ දෙදෙන අටුවා දන්නාහු ද පෙළදහම් දන්නාහු ද වෙත්. මහණෙනි, මේ කරුණු තුණ දක්නහු විසින් පරහට දහම් දෙසනු නිසි මැ යි.
ත්‍රිපිටකයේ සූත්‍රය වෙත සබැඳිය: https://thripitaka.org/view/bjts/sp12/310

Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?

Posted: Thu Jan 01, 2026 3:00 pm
by kamal
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ බ්‍රාහ්මණවග්ගයේ චංකී සූත්‍රයේ සදහන් වෙනවා කවරෙකු කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගත යුතු ද කියා. එහිදී ඒ පුද්ගලයාව ලෝභ ධර්මයෙහි, ද්වේෂ ධර්මයෙහි හා මෝහ ධර්මයෙහි මනාව පරික්ෂා කර බලා ලෝභ ධර්මයෙන්, ද්වේෂ ධර්මයෙන් හා මෝහ ධර්මයෙන් විශුද්ධ බව මනාව දැක ඔහු කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවීම ගැනත් ඉන් පසු ඔහුගෙන් දහම් ඇසීමට යොමු වීම ගැනත් සදහන් වෙනවා.

කවරාකාර දේශකයානන් වහන්සේලාගෙන් දහම් ඇසීමට සුදුසු ද යන්න තීරණය කිරීමට එම විස්තරය උපකාරී වෙනවා.

අදාළ පිටුවට සබැඳිය: https://thripitaka.org/view/bjts/sp5/674

Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?

Posted: Wed Feb 04, 2026 8:35 pm
by amarajith
මෙහිදී ලබා දී ඇති සිංහල පරිවර්තනය ගැන අදහසක් නොමැත (බුද්ධ කාලයේ අටුවා තිබුනේද නැත) නමුත් පෙලදහමේ කියවෙන ආකාරය මෙසේ අදහස් කල හැක,
කාරණා 3කි,
1. යමෙක් යථා ධර්මය (ලෝකයේ කරයි
2. දේශනා කරන කාරණා අර්ථවත්ව (දැනගෙනම) දේශනා කරයි
3. තමා ඒ තුලින්(දේශනා කරන කාරණා) ධර්මාවබෝධය , යථාවබෝධය ලබා ඇති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන දේශනා කරයි

Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?

Posted: Thu Feb 05, 2026 8:41 am
by kamal
amarajith wrote: Wed Feb 04, 2026 8:35 pm මෙහිදී ලබා දී ඇති සිංහල පරිවර්තනය ගැන අදහසක් නොමැත (බුද්ධ කාලයේ අටුවා තිබුනේද නැත) නමුත් පෙලදහමේ කියවෙන ආකාරය මෙසේ අදහස් කල හැක,
කාරණා 3කි,
1. යමෙක් යථා ධර්මය (ලෝකයේ කරයි
2. දේශනා කරන කාරණා අර්ථවත්ව (දැනගෙනම) දේශනා කරයි
3. තමා ඒ තුලින්(දේශනා කරන කාරණා) ධර්මාවබෝධය , යථාවබෝධය ලබා ඇති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන දේශනා කරයි
පින්වත් අමරජිත්,

ඔබ යම් යම් කරුණු නිවැරදිව වටහාගෙන නැති බවයි පෙනෙන්නේ. සිංහල පරිවර්තනයේ අටුවා යන්නෙන් කියැවෙන්නේ අර්ථ යන්නයි. ඒ නිසා ඔබ ලියා ඇති "බුද්ධ කාලයේ අටුවා තිබුණේද නැත" යන්න නිවැරදි නොවේ.

තවද පාලි භාෂාවෙන් ඇති සූත්‍රය දෙස බැලීමේදී ඔබ ලියා ඇති සමහර කරුණු ලඟින් යන බව පෙනුනත් ඔබ ලියා ඇත්තේ සූත්‍රයේ ඇති බෙදීම ගැන නොවේ. බුද්ධ වචනය කුමක් දැයි විමසා එහි අර්ථය ග්‍රහණය කරගැනීම මිස අපිට එන නොයෙක් අදහස් සූත්‍රවලට ආදේශ කර බුද්ධ වචනය යටපත් කොට දැමීම සුදුසු ක්‍රියාවක් නොවේ.

තෙරුවන් සරණයි!
කමල්