කමල් වික්‍රමනායක
Posted: Fri Dec 05, 2025 3:15 pm
මම ගිහි පුද්ගලයෙක්. උපැවිදි වූ අයෙකු නොවෙයි.
මම බුදු දහම ප්‍රචාරය කිරීම පිණිස බෙහෙවින්ම යොමු වූ අයෙක්. Trekmentor යන නමින් වෙබ් අඩවි පවත්වාගෙන යන්නෙත් සංගායනා යන නමින් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේත් මම.
සමහර භික්ෂූන් වහන්සේලාට දැඩිව දොස් කීම නිසා සමහර භික්ෂූන් වහන්සේලා මා සමඟ අමනාප බවයි මම දන්නේ.
මම ලියා ඇති ලිපි සමහරක් වෙත මෙම සබැඳියෙන් යොමුවන්න පුළුවන්: https://www.trekmentor.com/si/enlighten
අධ්‍යාපනය අතින් ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලැබූ පළමු පෙළ ගෞරව උපාධියක් මට තිබෙනවා. මම එම උපාධිය ලබා ගත්තේ 2001 වසරේ අවසාන කාලයේදියි. වෘත්තීමය වශයෙන් ගත්තොත් මගේ අත්දැකීම් බහුළ වන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳවයි. මා පිළිබඳ එබඳු තොරතුරු මෙම සබැඳියෙන් යොමුවන පිටුවේ දැක්වෙනවා: https://www.software.lk/en/people/kamal
බුදු දහම පිළිබඳ මම විශේෂයෙන් යොමු වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ දියි. එසේ උවත් ඒ කාලයේ මම ත්‍රිපිටකය කියවීමට යොමු වී සිටියේ නැහැ. ඒ කාලයේ මම බුදු දහම යැයි හිතාගෙන සිටි සමහර අදහස් මිත්‍යා මත.
2014 වසර පමණ වන විට මම ත්‍රිපිටකය කියවීමට බෙහෙවින්ම නැඹුරු වී සිටියා. ඒ කාලයේ තමයි ඝණ අන්ධකාරය නසන මහත් බැබළීමක් ඇති ගෞතම බුදුරජානන් වහන්සේව මට පේන්න ගත්තේ.
ජීවිතේ මුල් කාලයේදී දහම් පහස නොලත් මට පසුකාලයේදී හෝ දහම් පහස විඳීමට ලැබීම ගැන මට තෘප්තියක් තිබෙනවා. අඩු තරමින් මට තරමටවත් තවත් බොහෝ අයට සැනසීම උදාවේවා යන අදහසින් මම බුදුරජානන් වහන්සේගේ ධර්මය අන් අයට බෙදා දීමට වෙහෙසෙනවා.
බොහෝ ලෝ සතුන් අමා දම් පහස ලබත්වා!