Page 1 of 1

අපාය දිව්‍යලෝකය පිළිබඳ කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ අධර්මවාදී ඉල්ලීම

Posted: Fri Dec 05, 2025 2:30 pm
by kamal
මීට මාස දෙකකට පමණ ඉහතදී වර්තමානයේ ජනප්‍රියතාවයක් ඇතිකර ගෙන ඇති කත්නෝරුවේ හිමියන් අපාය දිව්‍යලෝකය පිළිබඳ බොදු නොබොදු සියලු දෙනාගෙන් බලවත් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙසේයි:
මං බොහොම ඕනෑකමින් බොදු නොබොදු සියලු දෙනාටම ඕනෑකමින් කියනවා මරණින් මතු උපදින අපාය දිව්‍යලෝකය පැත්තකින් තියලා අත්තූපනායික ධර්ම, වේළුද්වාරරාජ ගමේ වේළුද්වාරරාජ බමුණන්ට බුදු හාමුරුවෝ කියනවා අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න.
මුන්වහන්සේට බුද්ධ පුත්‍රයෙක් කියලා කියන්න පුළුවන් ද?

මරණින් මතු ඉපදීම පිළිබඳ උන්වහන්සේගේ තවත් කියමන් මෙසේයි:
කවුද දන්නේ අයියේ මැරුණට පස්සේ මොකක් වෙයිද කියලා?
...
කිසිසේත්ම සාකච්ඡා නොකළ යුතු කාරණයක් සහ තේරම්ගන්න මහන්සි වෙන්න ඕනැත් නෑ.
අදාළ ප්‍රකාශ අඩංගු වීඩියෝවට සබැඳිය මෙසේයි:

"අනුන් මත අපේ සැප සතුට තීරණය කර එක නවත්තන්න - Kathnoruwe Siridhamma Thero සමග මතක පද (Mathaka Pada)"

කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ උපුටා දක්වන ලද ප්‍රකාශ මිනිසුන්ව මිත්‍යාදෘෂ්ටිගත කරන බවයි මම දකින්නේ. මේ උපදෙස්, මේ මතය පිළිගෙන ඒ ආකාරයට හැසිරෙන අය ධර්මය බැහැරලනවා, ගැඹුරු අර්ථ ඇති ධර්මය ගැන හිතන්න යොමු වන්නේ නෑ.

ප්‍රසිද්ධියේ මේ වාගේ තුච්ඡ ඉල්ලීමක් කරන්න සිවුරු හැඳගත් පුද්ගලයෙකු යොමු වීම ඛේදනීයයි.