Search found 42 matches

by kamal
Tue Dec 23, 2025 11:34 am
Forum: විනය - Vinaya
Topic: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
Replies: 3
Views: 836

Re: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දිශා උපායමාර්ග (directional strategies) ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

දැක්ම (vision): ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞභාග්‍යය උදෙසා දායක වන විශ්වසනීය සහ ගතික මහ බැංකුවක්

සෞභාග්‍යය යන්නට භෞතික දියුණව වගේම ආධ්‍යාත්මික දියුණුවත් අදාළ වෙනවා. ඒ නිසා මේ දැක්වූ දැක්මට අනුව මහ බැංකුව බ ...
by kamal
Tue Dec 23, 2025 10:22 am
Forum: පොදු - General
Topic: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?
Replies: 5
Views: 357

Re: බණ කියන්න සුදුසු කවරාකාරයේ දේශකයින් වහන්සේලා ද?

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පඨමපණ්ණාසකයේ චූලවග්ගයේ තුන්වන සූත්‍රයේ සඳහන් වෙනවා කරුණු තුනක් දක්නා අය ධර්ම දේශනාවට සුදුසු බව. කෙටි සූත්‍රයක් නිසා සම්පූර්ණ සූත්‍රයේම සිංහල පරිවර්තනය මෙසේයි:

43. මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත ...
by kamal
Thu Dec 18, 2025 7:26 pm
Forum: පොදු - General
Topic: වීඩියෝවකට නොගැළපෙන මාතෘකාවක්: බුදුන් දෙසූ වැදි බණ
Replies: 0
Views: 143

වීඩියෝවකට නොගැළපෙන මාතෘකාවක්: බුදුන් දෙසූ වැදි බණ

යූටියුබ් වෙබ් අඩවියේ "බුදුන් දෙසූ වැදි බණ" යන මාතෘකාව ඇතිව වීඩියෝවක් පළ කොට ඇති බව දක්නට ලැබුණා. මාදම්පාගම සීලරක්ඛිත නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් කරගෙන යනු ලබන නාලිකාවකයි එය පළව ඇත්තේ.

මම ඒ වීඩියෝවේ කියැවෙන්නේ මොනවා දැයි බලන්න ගියේ නෑ. ඒත් මම කල්පනා කරේ මේ වාගේ මාතෘකාවක් යොදන්න තරම් ලැජ්ජාවක් න ...
by kamal
Thu Dec 18, 2025 10:21 am
Forum: විනය - Vinaya
Topic: ගලගම කුසලධම්ම හිමි අතින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මුදල් පිළිගැනීම
Replies: 0
Views: 156

ගලගම කුසලධම්ම හිමි අතින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මුදල් පිළිගැනීම

මුදල් භාවිතය භික්ෂූන් වහන්සේලාට කැප ක්‍රියාවක් නොවෙයි. ගලගම කුසලධම්ම හිමි අතින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මුදල් පිළිගන්නා ආකාරය පහත සබැඳියෙන් යොමු වන වීඩියෝවේ දැක්වෙනවා:

ආපදාවෙන් හානි වූ විහාරස්ථාන වෙත අපගේ සදහම් සුරක්ෂා පදනමෙන් 25000ක මුදල් පරිත්‍යාගයක්...

මුදල් පිළිගැනීම කැප නැති බවට අදාළ ශ ...
by kamal
Mon Dec 15, 2025 9:21 am
Forum: පොදු - General
Topic: සියුම් නීවරණ සහ රළු නීවරණ ලෙස බෙදීමක් පවතිනවාද?
Replies: 0
Views: 147

සියුම් නීවරණ සහ රළු නීවරණ ලෙස බෙදීමක් පවතිනවාද?

මෑතකදී යාලේගම රතනවංශ හිමි විසින් හසලක සීලවිමල හිමියන්ට චෝදනාවක් එල්ල කරනු ලැබ තිබුණා හසලක සීලවිමල හිමි විසින් සියුම් නීවරණ සහ රළු නීවරණ ලෙසින් නීවරණ බෙදීමක් පිළිබඳ විස්තර කරනු ලැබීමක් සම්බන්ධයෙන්. එම චෝදනාව සහ ඊට පිළිතුරු දීම අඩංගු වීඩියෝ දෙකට සබැඳි පහත දැක්වෙනවා:

"මෙහෙම ගියොත් ශාසනය ඉවරයි. හසලක ස ...
by kamal
Sun Dec 14, 2025 9:40 pm
Forum: විනය - Vinaya
Topic: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම
Replies: 3
Views: 836

Re: භික්ෂූන් වහන්සේලා විසින් බැංකු ගිණුම් ආදිය පවත්වාගෙන යනු ලැබීම වැළැක්වීමට මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් ඉල්ලීම

දැනට පවතින නීති යටතේ මේ දේ ප්‍රායෝගිකව කළ හැකි ද යන්න පිළිබඳ මට සැකයක් මතුව තිබෙනවා.

මහ බැංකුවට බලය තිබෙනවා බැංකුවලට විධානයන් කරන්න. ඒත් ඒ විධාන නිකුත් කළ හැකි සීමාවන් තුළ මේ මාතෘකාවට අදාළ විධාන නිකුත් කළ හැකි ද යන්න සැක සහිතයි. ඒ පිළිබඳ තව දුරටත් සොයා බලන්න වෙනවා.

අදාළ පනත් (මහ බැංකු පනත, බැංක ...
by kamal
Sat Dec 13, 2025 4:27 pm
Forum: පොදු - General
Topic: buddhism.org.in - A new website
Replies: 0
Views: 130

buddhism.org.in - A new website

I launched another new website to teach Buddhism. It's in English language.

Here is the link: https://buddhism.org.in/
by kamal
Fri Dec 12, 2025 6:23 pm
Forum: පොදු - General
Topic: මහානායකවාදය
Replies: 1
Views: 168

Re: මහානායකවාදය

පහත දැක්වෙන සබැඳියෙන් යොමු වනුයේ මේ මාතෘකාවට අදාළ ලිපියක් වෙත:

"දුෂ්ට කත්නෝරුවේ සිරිධම්ම තැන"
by kamal
Fri Dec 12, 2025 1:11 pm
Forum: පොදු - General
Topic: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම
Replies: 3
Views: 253

Re: බුදු සසුන රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීම

විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය යටතේ බොරුවට භික්ෂූන් ලෙස පෙනී සිටින්නන්ට විරුද්ධව නඩු පැවරිය හැකි බව පෙනෙන්න තිබෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර සහ ඔබගේ ප්‍රතිචාර දැක්වීමට පහත දැක්වෙන සබැඳියෙන් යොමු වන්න.

"භික්ෂූ ප්‍රතිරූපකයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය භාවිතා කිරීම"
by kamal
Fri Dec 12, 2025 1:04 pm
Forum: විනය - Vinaya
Topic: භික්ෂූ ප්‍රතිරූපකයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය භාවිතා කිරීම
Replies: 0
Views: 159

භික්ෂූ ප්‍රතිරූපකයින්ට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 42 වගන්තිය භාවිතා කිරීම

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 42 වගන්තිය මෙසේ සඳහන් වෙනවා:

බොරුවට භික්ෂුවක් මෙන් පෙනී සිටීමේ වරද

42. උපසම්පන්න භික්ෂූන්ගේ ලේඛනයෙහි තම නම නැති යම් කෙනක් උපසම්පන්න භික්ෂූවක් වශයෙන් පෙනී සිටී නම් හෝ සාමණේර භික්ෂූන්ගේ ලේඛනයෙහි තම නම නැති යම් කෙනෙක් සාමණේර භික්ෂූවක් වශයෙන් පෙනී සිටී නම් හෝ එබඳු අය නීත ...